මෙරටින් නිතී විරෝධී ලෙස පිටවිමට තැත් කල පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවික හමුදා වේග ප්රහාරක යාත්රාවන් 02ක් මඟින් අද (07) අළුයම දකුණු මුහුදේ නාවික සැතපුම් 80ක් දුරින් යාත්රා කරමින් තිබූ සැක කටයුතු යාත්රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එම යාත්රාව පරික්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මෙරටින් සංක්රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් තිස්දෙනෙකු (30) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් එම නීති විරෝධී සංක්රමනිකයින් රැගත් යාත්රාව නාවික හමුදා යාත්රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
එම නීති විරෝධී සංක්රමනිකයින් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට රැගන එනු ලබන බව වාර්තා වනවා.
ෆර්හාන් නිසම්දින්