ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ බැටරි නඩත්තු කටයුත්තක් ”spacewalk” සඳහා කාන්තා කාර්ය මණ්ඩලයක් කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව නාසා ආයතනය මඟින් කාන්තා ගගනගාමීන් දෙදෙනෙකු වන ඈන් මැක්ලෙයින් (Anne McClain) සහ ක්‍රිස්ටිනා කෝච් (Christina Koch) මාර්තු 29 වනදා ඒ වෙනුවෙන් අනුයුක්ත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන්ට පෘථිවියේ (පාලන මධ්‍යස්ථානයේ) සිට සහය දැක්වීම සඳහා කැනේඩියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නියාමකවරියක වන ක්‍රිස්ටිනා ෆැසියෝල් (Kristen Facciol) මෙහි අධ්‍යක්ෂකවරිය ලෙස හූස්ටන් (Houston) මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.
ඒ අනුව මෙම ගුවන්ගත කිරීමේ ක්‍රියාවලියට අධ්‍යක්ෂකවරියක් සිටීම සුවිශේෂී සිදුවීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මීට පෙර මෙවැනි ගුවන් ගතවීම් සඳහා අධ්යක්ෂකවරියන් කටයුතු කර ඇති නමුත් මෙවර කණ්ඩායමම කාන්තා පාර්ශවය නියෝජනය කිරීම සුවිශේෂී කරුණක්.
නාසා ආයතනයේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම අභ්‍යවකාශ ගමන් කාලය පැය 07ක් පමණ වනු ඇති බවයි.