රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු ද 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ (05) නියෝග කළා.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලේපෙරුම ආරච්චිගේ සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් යන තිදෙනායි.
මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක විරාජ් මධුසංක, කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සිව්දෙනාද 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සංඛ්‍යාව 07කි.
ෆර්හාන් නිසාම්දින්