පාකිස්තාන් අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්ධමන් (Abhinandan Varthaman) හට ගෞරවය දැක්වීමක් ලෙස ඉන්දීය තරුණයන් රැසක් ඔහුගේ රැවුල අනුකරණය කරන්නට පෙළඹී තිබෙනවා.
ඒ අනුව අභිනන්දන්ගේ රැවුල මෙන් ඉන්දීය තරුණයන් රැසක් බාබර් සාප්පු වලට පැමිණ තම රැවුල සකස් කරගන්නා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ඉන්දීය තරුණයන් අභිනන්දන් එරට ජාතික වීරයකු ලෙසයි සළකනු ලබන්නේ.

