පසුගිය යුධ සමයේ LTTE සංවිධානය විසින් භාවිත කළ බවට සැක කරන කිලෝග්රැම් 03ක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී අද (06) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ මුස්ලිම් පල්ලිය ඉදිරිපස කානුවක් පිරිසිදු කරමින් සිටි මන්නාරම නගර සභා සේවකයින් පිරිසකට අදාළ බෝම්බය හමුවි ඇති බවයි.
යුධ සමයේ LTTE සංවිධානය ආරක්ෂක අංශ වෙත පහරදීම වෙනුවෙන් භාවිත කළ ක්ලේමෝ බෝම්බයක් එලෙස හමුවි ඇති බවද පොලිසිය සදහන් කර සිටියා.
පොලිසිය පැවසූවේ සොයාගත් ක්ලේමෝ බෝම්බය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්රාත් අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග මත බෝම්මබය නිශ්ක්රීය කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
මාධව කුලසූරිය