මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින්, සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්, හා සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
එසේම සිලින්ඩර් ධාරිතාව 800ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000කින් හා සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000කිනුයි වැඩි කර ඇත්තේ.
එමෙන්ම සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කර තිබෙනවා.
මේ අතර කිලෝවෝට් 70ක විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු.175,000කින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.