දුම්රිය එන්ජින් රියදුරන් අද (05) මධ්‍යම රාති‍්‍රයේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, නියමිත බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවා ගැනීමට විරෝධය දක්වමින්.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව සඳහන් කර සිටියා.
නමුත් අද දිනට නියමිත සියලූ දුම්රියන් ධාවනය කෙරෙන බවත්, අද මධ්‍යම රාති‍්‍රයේ සිට එම සියලූ ධාවන කටයුතු වලින් දුම්රිය එන්ජින් රියදුරන් ඉවත් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.