ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58, 40 සහ 18 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද දින අලුයම 3.30ට සාජා නුවර සිට පැමිණි Air Arabia ගුවන් සේවයට අයත් G – 9501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
ඉන්පසුව මෙම පිරිස ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ එයින් පිටව යමින් සිටියදී , ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ ” ටොප් මවුන්ටන් ” වර්ගයේ රුපියල් 38,94,000ක් වටිනා දුම්වැටි 70,800ක් අඩංගු දුම්වැටි කාටූන් 354ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටී.කේ.ජී.කපිල