දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන් රත්නායක ඊයේ (04) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමක් විසින් ප්රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වන විට එම ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ෆර්හාන් නිසම්දින්