රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්රැම් 05ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතික ගුවන් මගියෙකු අද (05) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 60 හැවිරිදි බොලීවියානු ජාතිකයෙකු වන අතර ඔහු බ්‍රසීලයෙන් මෙම කොකේන් තොගය රැගෙන ඉතියෝපියාව හරහා
ඉන්දියාවට පැමිණ තිබෙනවා.
අනතුරුව අද සවස 3.45ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් AI – 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුවයි රේගු භාරයට පත්ව ඇත්තේ.
මොහු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි රේගුව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක ව්‍යාජ පතුල් සකස් කර මෙම කොකේන් තොගය ඉතා සූක්ෂම ලෙස සගවා ගෙනැවිත් තිබෙනවා.
ටී.කේ.ජී.කපිල