16: 21 PM විසර්ජන පනත් කෙටුම්පතේ විවාදය හෙට පෙරවරු 09.30ට කල් තැබීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කරයි.
16: 20 PM පැය 02 මිනිත්තු 15කට පමණ පසු මුදල් අමාත්‍යවරයාගේ අය වැය කතාව අවසන් වෙයි.
මඩු පල්ලිය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.
කැසිනෝ සඳහා ඇතුළුත්වීම සඳහා ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩි කෙරේ.
2019 අප්‍රේල් 01 වනදා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 100කින් වැඩි වේ.
දේශීය මත්පැන් සඳහා ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරේ. ගල් අරක්කු මිල වෙනස් නොකෙරේ.
පුද්ගලයකු සඳහා නැව් නැගීමේ හා ගුවන් ගත වීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10 ලෙස සංශෝධනය කෙරේ.
බීඩි කොළ ආයනය මත පනවා ඇති සෙස් බද්ද වැඩි කෙරේ. බීඩියක මිල සත 50කින් පමණ වැඩි වේ.
මාර්තු 06 වනදා සිට සුඛෝපභෝගී වාහන ආනයන බද්ධ සංශෝධනය කෙරේ. ඒ අනුව වාහන ආනයනය සඳහා පනවා ඇති 200%ක මුදල් තැම්පතුව ඉවත් කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි නිෂ්පාදන බද්ද සංශෝධන කෙරෙයි. ජාතික ගොඩ නැගීම් බද්ද සිගරට් නිෂ්පාදනයට වැඩිවේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් නියඟයෙන් පීඩාවට පත්වූවන්ට ණය සහනයක් ලබා දෙයි.
සමූපකාර සමිති හරහා ණය ලබා දීමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
2018 වසරේදී ග්‍රාමීය මට්ටමින් කුඩා කර්මාන්ත 50ක් ඇති කරමින් ඇති කළ වැඩසටහන තවත් කුඩා කර්මාන්ත ව්‍යාපෘති 50කින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
හානිපූර්ණ කාර්යාලයේ වැඩ 2019 ආරම්භ කරනවා. ත්‍රිවිධ හමුදාව ද ඇතුළුව දිවයින පුරා අතුරුදන්වූ අය වෙනුවෙන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දෙනවා.
සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පන්සලකටම රුපියල් ලක්ෂ 03බැගින් ලබා දීමට කටයුතු කරනවා.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලයන 5000ක් වෙනේ කෙරේ.
ස්වභාවික ආපදා රක්ෂණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.
වෙරළ තීරයේ කඩොලාන නැවත වගා කිරීම පිණිස පැළ තවාන් පිහිටුවීමට රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.
හරිත උද්‍යාන වැඩසටහන පුළුල් කෙරේ.
සමෘද්ධි ඉතුරුම්වලින් රුපියල් 35000 දක්වා ලබා ගැනීමේ අවස්ථාව.

දුප්පතුන් ඉහළ මට්ටමකට ගෙන ඒමට ආරම්භ කරන ලද සමෘද්ධිය දේශපාලනීකරනය වී තිබෙනවා. පක්ෂ සාමාජිකත්වය හිමි ප්රතිලාභ ලැබීමට නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධිය හිමිවී තිබෙන නිසා දුප්පතා දුප්පතා ලෙසම ජීවත් වන දේශපාලන අතකොලු බවට පත් වෙනවා. සමෘද්ධි ව්‍යාපෘතිය ප්‍රතිසංවිධානය කරනවා. තවත් හය ලක්ෂයක අතිරේක පිරිසක් මීට එකතු කර ගත යුතු වෙනවා. රුපියල් මිලියන 10,000ක් ඒ වෙනුවෙන් වෙන් කරනවා.

හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩිකෙරේ.
2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කරයි. ඒ සඳහා තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585000කට ඉන් ප්රතිලාභ හිමිවනු ඇති.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබාදෙන්න රුපියල් බිලියන 40ක් වෙන් කෙරෙයි. ඒ අනුව ජුලි 01 වනදා සිට රජයේ සේවකයන්ට රුපියල් 2500ක අමතර දීමනාවක්.
ග්‍රාමීය මාර්ග ඉදි කිරීමට සංවර්ධනයට රුපියල් මිලියන 10,000ක්.
බස් ගමනාගමනය ජාල ගත කරනවා. ඒකාබද්ධ බස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 1300ක් වෙන් කරනවා.

පානීය ජල අවශ්‍යතාවයක් සපුරාලීමට මිලියන 45000ක් වටිනා පානීය ජල නල ව්‍යාපෘති සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා.
බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පරිවර්ථනය කර සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 750ක් වෙන් කරයි.
කොළඹ ගංවතුර කළමනාකරණයට රුපියල් මිලියන 10900ක් වෙන් කරනු ලබනවා.
ක්‍රීඩාව සඳහා දැනටමත් රුපියල් මිලියන 3800ක් වෙන් කර ඇති අතර මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය සහ කොලොන්නාවේ මල්ලිමආරච්චි ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 300 බැගින් වෙන් කරනවා.
අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා.

සුව සැරිය ගිලන්රථ සේවයේ නැවතුම් ස්ථාන ඉදි කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරයි.
ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන් පසු විපරමට රුපියල් මිලියන 1625ක් වෙන් කර තිබෙනවා.
කෘෂිකර්මය, සත්ව පාලනය, විසිතුරු මසුන් වගාව, ඩෝසර් භාවිතය ආදිය පුහුණු කිරීමට යුද හමුදාව ඉදිරිපත් වී සිටිනවා. NVQ සහතික දෙන මෙම පාඨමාලා තෝරාගත් යුද හමුදා කඳවුරුවල ඇති කරනවා. ක්‍රීඩා වලින් ඉදිරියට යන තරුණ තරුණියන්ට නොමිලේ යුද හමුදා කඳවුරුවල පුහුණු අවස්ථාව දෙන ක්‍රමයක් ඇති කරනවා.
දෙමළ භාෂා ගුරුවරු පුහුණුවට මිලියන 400ක්.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යෑමට ‘මයි ෆියුචර්’ නමින් රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා.

රුහුණු සරසවියට සම සෞඛ්‍ය විද්‍යා පීඨයක්.
විශ්වවිද්‍යාල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25000ක්.
පෙරපාසල් නියාමනයට නීති රීති.
උසස් පෙළ ඉහළින්ම සමත්වන සිසුන්ට අරමුදලක් ඇති කරනවා. අධ්‍යාපන විශිෂ්ඨත්වය සඳහා මේ අරමුදලින් සෑම වසරකම ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබාගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබීමට අවස්ථාව ලබාදෙනවා. 2019 අගෝස්තු මාසයේ දී හොඳම ප්‍රතිඵල ලබා ගන්නා 14 දෙනකුගෙන් මේ වැඩසටහන ආරම්භ කරනවා.
පාසල් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 32000ක්.
විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කරනු ලබනවා.
අන්තර්ජාලය ඔස්සේ නවාතැන් වෙන් කිරීමට අවසර දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි කාමර 05කට වැඩි නවාතැන්පොළවල්වලට පමණි.
මැණික් කැපීම හා ඔප දැමීමේ යන්ත්‍ර ආනයනය කිරීමේ වරාය හා ගුවන් තොටුපොළ බද්ද අඩු කෙරේ.
ආදායම් බුද්ධි ඒකකයක් මුදල් අමාත්‍යංශයේ පිහිටුවීමට කටයුතු කරනවා.
ආනයනික නිෂ්පාදන ඇතුළු සියලුම නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතය ඇති කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා.
බිංගිරි වෙළද කලාපය සංවර්ධනයට රුපියල් මිලියන 500ක්.
විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට සිහින මාලිගා ණය ක්‍රමය හඳුන්වා දෙනවා. එය අවුරුදු 02කින් පසු ගෙවීම ආරම්භ වන අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි ණය ක්‍රමයක්.
අලුත විවාහ වන යුවල වලට 06%ක පොලියකට ‘හෝම් ස්වීට් හෝම්’ නම් නිවාස ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබනවා. අවු 25කින් ගෙවීමට හැකියාව.

නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කර තිබෙනවා.
හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන 02ක් ඉදිකරනු ලබනවා.
වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා රුපියල් 5000කක මාසික දීමනාවක්. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1840ක් වෙන් කරනු ලබනවා.
ආබාධිත අයට ගෙවන දීමනාව රු 3000සිට 5000දක්වා ඉහළට.
සේවයකන් 250ට වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පෞද්ගලික ආයතනවලට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රැකවරණ සහන ණය ලබා දෙනවා.

කම්කරු නීති සංශෝධනය කිරීමට සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා.

ප්‍රසූත නිවාඩු මාස 03ක් ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. ප්‍රසූත නිවාඩු මාස 04 දක්වා ලබාදෙන්නේ නම් අතිරේක අඩු කිරීම 100% දක්වා ලබාදෙනවා.

ලංකාවේ ලක්ෂ 10කට වඩා ජනතාවට වැසිකිලි පහසුකම් නෑ. හම්බන්තොට පමණක් ලක්ෂයකට පමණ වැසිකිලි පහසුකම් නෑ. මොණරාගල වැසිකිලි නැති ගෙවල් 25,000ක් තිබෙනවා.
මේ වසර අවසන් වන විට වැසිකිලි පහසුකම් නැති ගෙවල්වලට වැසිකිලි ලබාදීමට රුපියල් මිලියන 4000ක් වෙන් කරනවා.
සෑම ප්‍රධාන බස් නැවතුම්පොළවල්වල සහ දුම්රිය ස්ථානවල පිරිමි, ගැහැණු සහ ආබාධිත අයට වැසිකිලි සකස් කර ඒවා කරගෙන යෑමට පෞද්ගලික අංශයට බාර දෙනවා.

සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට කටයුතු කරනවා.

නව ධීවර තොටුපල දෙකක් වෙනුවෙන් රු බිලියන 1.3ක්.
මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොරගහකන්දේ සිට ජලය ගෙන යෑමට වයඹ මහ ඇල සහ ඇල මාර්ග සකස් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කරනවා.
වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක් ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්.
බලපිටිය හා කොස්ගොඩ කුරුඳු කර්මාන්තය ආශ්රිත පුහුණු කිරීම් වලට මිලියන 75ක් වෙන් කර තිබෙනවා.

පොල් හා මැටි කර්මාන්තවලට ඇති නීතිමය බාධා ලිහිල් කරනු ලබනවා.
රට තුළ ටයර් නිෂ්පාදනය සහ රබර් ආශ්රිත නිෂ්පාදනයට රබර් කිරි හිඟකම බලපානවා. රබර් වගාව දියුණු කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා.
ආදර්ශ කෘෂි උද්‍යාන ඇති කරනවා.
කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද අඩු කරනවා.
නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ඉන්නවා. ඒ ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1925 යන අංකයට දැනුම් දුන් විට මට සහ අදාළ බැංකුවට තොරතුරු යනවා.
අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙනවා.
ආගමික ස්ථාන සංවර්ධනයට ලක්ෂ 05 සිට ලක්ෂ 10 දක්වා වැඩි කරලා තියනවා.
ගම්පෙරලිය සංවර්ධවන වැඩසටහනට රුපියල් මිලියන 48,000ක්. මේ වන විටත් වෙන් කර වැඩ ආරම්භ කර තිබෙනවා. දවස් 51 කුමන්ත්රණයේ මුලින්ම නැවතුණේ මේ වැඩසටහන.
නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් මෙය නතර කළත් අපේ රජය ජනවාරි මාසයේදී යළි ආරම්භ කළා. මේ වැඩසටහනට අලුත් විෂය පථයන් ඇතුළත් කළා.
මේ වසරේ අය වය අපි හඳුන්වන්නේ ”ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැය – 2019” තේමාව යටතේයි. පොහොසත් සමාජයක් බිහිකරන්න පුළුවන් වෙයි කියලා අපි විස්වාස කරනවා.
2017 දී ප්‍රාථමික ඉතිරි කිරීමේ ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. ඒ ප්‍රථම වතාවටයි.
ව්‍යාකූල දේශපාලන තත්ත්වය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා.
අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 1.5%කින් ඉහළ ගිය බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
2015 අපට බාර ගන්න සිදුවූයේ පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක් වගේ ආර්ථිකයක්. එසේ වුවත් ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කරන්න අපට හැකිවුණා.
2019 අයවැය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. 2018 අග ඇතිවූ ව්‍යාකූලත්වයෙන් පසු ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැවත ඇති අතර නිදහසෙන් පසු අඳුරුතම දින 51න් පසු ස්ථාවරත්වය ඇති කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

14:09 PM මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ආරම්භ කරනු ලැබුවා.
14:05 PM පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දැන් ආරම්භ වුණා.
සුවිශේෂී දිනයක් වන අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දැන් ආරම්භ වූ අතර මුදල් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ඇරඹුණා.
13:55 PM මුදල් අමත්‍ය මංගල සමරවීර මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා.
ඒ 2019 වර්ෂය සඳහා වූ අයවැය ද රැගෙනයි.

13:15 PM මේ මොහොත වන විට කථානායක කරු ජයසූරිගේ ආරාධනයෙන් විදේශ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් ද අයවැය ඉදිරිපත් කිරීම නැරඹීම සඳහා විෂේශ ආරධිත ගැලරියට පැමිණ සිටිනවා.
13:00 PM – 2019 වසරේ ඉදිරි කාලය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වන විට පාර්ලිමෛ්න්තුවට පැමිණ සිටිනවා.