කිලිනොච්චිය, උදයනගර්, නැගෙනහිර ප්රදේශයේදී අද (05) උදැසන පුද්ගලයෙකු කපා ඝාතනය කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ කිලිනොච්චිය සමූපකාර රක්ෂණ සමාගමේ සේවය කළ පුද්ගලයෙකු එලෙස කපා ඝාතනය කොට ඇති බවයි.
සිද්ධියෙන් වවුනියාව, වෙප්පන්කුලම ප්රදේශයේ ස්ථිර පදිංචි කාන්තලිංගම් ප්රේමරමනන් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.
අදාළ පුද්ගලයා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවි ඇති අතර ගැටුමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.





මාධව කුලසූරිය