ගායන ශිල්පිණී චන්ද්‍රලේකා පෙරේරාගේ පුතා වන යොහාන් පෙරේරා විවාහයට සූදානමින් සිටිනවා.
සංගීතයට ළඟින්ම නෑකම් කියන යොහාන් මේ වන විට ඉතාලියේ වාසය කරනු ලබනවා.
මාර්තු මස 23 වනදා විවාහයට සුදානමින් සිටින ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය ඉතාලියේ මිලානෝ නුවරදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු අතිනත ගන්නේ ඉතාලියේම වාසය කරන ශ්‍රී ලාංකික තරුණියක වන බෙනිතා ගයාශි සමඟයි.
විවාහයට සූදානම් වන ඔවුන්ගේ preshootහි ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබෙනවා.



















