ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් විදුහලට වසර 100ක් සපිරිම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සුරංග ලක්මාල් ඊයේ සහභාගි වුණා.
බගවන්තලාව නගරයේදි සුරංග ලක්මාල්ව වතු කම්කරුවන් සහ වතුකරයේ තරුණයන් විසින් පිලිගෙන පෙලපාලියක් මගින් සෙන් මේරිස් විදුහල දක්වා කැදවාගෙන ගොස් එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුරංග ලක්මාල් දක්වන දායකත්වය වෙනුවෙන් උපහාර පිදිමක්ද සිදුකරනු ලැබුවා.
එම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි වි සිටියා.




රංජිත් රාජපක්ෂ