පසුගිය කාලයට සාපේක්ෂව කුරුඳු මිල ඉහළ ගොස් ඇතැයි සුළු අපනයනය බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය කාලයේ කුරුඳු කිලෝග්රෑමයක් අලෙවි වූයේ, රුපියල් 1700ක් වැනි මිලකටයි.
මේ වන විට කුරුඳු කිලෝග්රෑමයක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සුළු අපනයන බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.