Home Politics ”පසුගිය වසරවල මෙන් මෙවරත් සුන්දර කතා වලින් පිරුණු අයවැයක් එයි” – මන්ත්‍රී...

”පසුගිය වසරවල මෙන් මෙවරත් සුන්දර කතා වලින් පිරුණු අයවැයක් එයි” – මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

350
0

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ අද (04) මහනුවරට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මහජන එක්සත් පෙරමුණේ 22 වන සම්මේලයේදී සම්මත කර ගන්නා ලද අනාගතය සඳහා අලුත් ආණ්ඩුවක් අලුත් වැඩපිළිවෙළක් ගොඩනැගීමේ උත්සායහ පිළිබදව වූ වැඩපිළිවෙල මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම සඳහා පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන අස්ගිරි මල්වතු මෙන්ම රාමඤ්ඤ මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා අද දින පැමිණ සිටියා.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”මේ රජය ඉදිරිපත් කරන පළමු වන අයවැය නෙවෙයි මේක. මේ රජය බලයට පත් වී වසර හතරක් ගත වෙනවා. මේ වසර 04 පුරා රටේ දියුණුවට වැඩ කිරීමට ඔවුනට තිබුණු අවස්ථාව උපයෝගි කර ගෙන ජනතාවගේ ගැටළු විසඳන්න අපොහොසත් වුණ අයවැය ලේඛන දිගටම ඉදිරිපත් කළා. ඒවාත් හොඳ ගණන් හිළව් හොඳ ප්‍රකාශ සුන්දර කතාවලින් පිරිලා තිබුණා. ඒ පොරොන්දු දූවිලි බවට පත්වුණ බව කණගාටුවෙන් වුවත් කියන්න සිද්ධ වුණා ජනතාවට සත්‍ය කීම සඳහා. එවැනිම සුන්දර කතා මිශ්‍ර කරපු අන්තරාදායක තත්වයක සිටින රටේ මේ අයම පත්කළ ණයගැති බවින් ගොඩ එන්න ණය ගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. එදිනෙදා ජීවත් වන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. එවැනි රජයකින් අයවැයක් බලාපොරොත්තු වෙන්න බෑ සුන්දර කතා මිශ්‍ර නොකරන. මුළු රටම නොමග යන්න බෑ. දිනපතා රුපියල වැටෙනවා. ණය ඉල්ලන් මිනිස්සු එනවා ණය ගෙවන්න වෙලා තියෙනවා. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ව්‍යාපාර වසා දානවා. ගොවිතැන් කරන ජනතාවට තමන්ගේ අස්වනු නිසි මිළකට විකුණ ගන්න බෑ. වී ටික විකුණගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. හෙට ඉදිරිපත් කරන අයවැයත් එවැනි මිරිඟුවක් පමණයි.” යනුවෙන් කියා සිටියා.

මොහොමඩ් ආසික්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here