දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධ වල දැඩි හිඟයක් ඇති බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.
මාස 02ක සිට මෙම ඖෂධ හිගය පවතින බව එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.
එම ඖෂධ බෙදාහැරීමෙන් අනතුරුව ගැටලුවට විසඳුම් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.