ශී‍්‍ර ලංකා රජය 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවට ජිනීවා නිත්‍ය නියෝජිත ඒ. අසීස්ට ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීමට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
රටවල් 05ක් විසින් මාර්තු 07 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධව ගෙන එන අලුත්ම ජිනීවා යෝජනාව යටතේ ශ්‍රී ලංකා රජයට වගවීමේ ක්‍රියාවලිය ඉටුකිරීම සඳහා තව වසර 02ක් කල් දෙන ලෙස ඉල්ලීමක් කෙරෙන බව සඳහන්.
මෙවර කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් 40ක් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වන අතර කොටි සංවිධාන 17ක් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් ඉදිරිපත් කළ අලුත්ම වාර්තාව වන්නේ 2009 දී හමුදාවට ළදරුවන් ඇතුළු ළමුන් 25ක් භාරදුන් බවයි.
මේ අතර ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශ කටයුතු අමාත්‍යාංශයට කළ නියෝගය ද ඉටු කර නොමැති බවයි වාර්තා වන්නේ.
කීර්ති වර්ණකුලසූරිය