Home Hit පකිස්තානය සහ ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

පකිස්තානය සහ ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

675

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් එළඹෙන 04 වනදා තෙක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා අද සන්ධ්‍යාවේ තහවුරු කරනු ලැබුවා.

පාකිස්තානය සහ ඉන්දියාව අතර උද්ගත වී ඇති ගැටුම්කාරී වාතාවරණය නිසා ආරක්ෂක පියවරක් වශයෙන් පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කළාපය එළඹෙන 04 වනදා තෙක් වසා දැමීමට තීරණය කර තිබීම එයට හේතුව බවයි ඔහු සඳහන් කර සිටියේ.

එහෙත් මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද, පාකිස්තානය විසින් සිය ගුවන් කළාපය විවෘත කළ විගස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

මෙම පාකිස්තානු ගුවන් කළාපය ඉකුත් 27 වනදා සවස සිට වසා දමා ඇති අතර මේ නිසා මුළු ලොවේම රටවලට පාකිස්තානය ඔස්සේ ගුවන් ගමන් මෙහෙයවීම අත්හිටුවීමට සිදු වී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here