Home World ඉන්දීය ගුවන් නියමුවා ගැන පකිස්තානයෙන් විශේෂ හෙළිදරව්වක්

ඉන්දීය ගුවන් නියමුවා ගැන පකිස්තානයෙන් විශේෂ හෙළිදරව්වක්

1123
0

පාකිස්‌තානයේදී බිම හෙළනු ලැබූ ඉන්දීය යානාවේ නියමු වින්ග් කමාන්ඩර් අබිනන්දන්ට (pilot Abhinandan Varthaman) කාශ්මීර් වැසියන් පහර දෙමින් ඇදගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව කෝපයට පත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත් පාකිස්‌තානය පවසන්නේ සිරකරුවන්ගේ අයිතිය මත ඔහුට උපරිම ලෙස සැලකූ බවයි.

අබිනන්දන් පැදවූ මිග් 21 ප්‍රහාරක යානාව පාකිස්‌තාන් දේශසීමාව තුළ දී වෙඩි ප්‍රහාරවලට ලක්‌වී කඩාවැටීමෙන් අනතුරුව
එම යානාව කඩාවැටුණු ප්‍රදේශයේ සිටි කාශ්මීර් ජාතිකයන් විසින් ඔහුට පහර දෙන අවස්‌ථාවේ හමුදාව මැදිහත් වී ඔහු බේරාගෙන තිබෙනවා.

මෙම මිග් යානාවේ තිබී රහස්‌ ලියවිලි කීපයක්‌ද පාකිස්‌තානය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නියමු අබිනන්දන් පැවසුවේ පාකිස්‌තාන හමුදාව තමන්ට හොඳට සැලකූ බවයි.

පාකිස්‌තාන හමුදාව අබිනන්දන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමා පැදවූ යානාව කුමක්‌දැයි හෙළිකර නොමැති අතර පාකිස්‌තාන් ගුවන් හමුදාව පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබූ නියමුවා ඉන්දීය සූර්ය කිරන් ගුවන් කරණම් කණ්‌ඩායමේ දක්‍ෂ නියමුවකු බවට හෙළිව ඇති බවයි.

මෙම නියමුවා වහාම ඉන්දීය රජයට ලබාදෙන ලෙස ඉන්දීය බලධාරීන් පාකිස්‌තාන් රජයෙන් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here