ඩුබායිහි සාදයක් අතරතුළදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රභලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.
මෙම පිරිසත් සමග අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පි අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පීලි සඳහන් කළේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කර ඇති බවයි.