ඉන්දියානු ගුවන් හමුදාව විසින් පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත බෝම්බ වලින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඊශ්‍රායලයේ අධි තාක්ෂණික උපාංග යටතේ නිෂ්පාදිත ස්මාට් බෝම්බ නියමිත ස්ථානයට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ඉන්දීය ප්‍රහාරක යානා පාකිස්තානයට ඇතුළු වන තුරු පාකිස්තාන ගුවන් හමුදාවට වාර්තා වී නොමැති බව සඳහන්.
ඉන්දීය ප්‍රහාරක යානා හිම්චාල් ප්‍රදේශයේ අහසේ සිට පාකිස්තානයට පැමිණ ඇතැයි තොරතුරු වාර්තා වන බවයි සඳහන් වන්නේ.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ අමරිකානු සීල් බලකාය ඔබාමා බින්ලාඩන් අල්ලා ගත් ස්ථානයට නුදුරුව ජයිග් මොහොමඩ් ත්‍රස්ත කඳවුර පිහිටා ඇති බවයි.