Home Local දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 08ක් STF අත්අඩංගුවට – පාකිස්තානුවකුත් ඒ අතර

දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 08ක් STF අත්අඩංගුවට – පාකිස්තානුවකුත් ඒ අතර

332
0

පාතාල කල්ලි නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සොහොයුරු ‘දෙමටගොඩ ‘රුවන්’ සහ කාන්තාවන් 03 දෙනකු ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලියක සාමාජිකයන් 08 දෙනකු ගිනිඅවි සහ කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ බෝධිරාජ මාවතේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමටගොඩ රුවන්, ඔහුගේ පුත‍්‍රයා, පාකිස්තානුවකු, කාන්තාවන් තිදෙනකු සහ තවත් පිරිමින් තිදෙනකු සිටින බවයි වාර්තා වන්නේ.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත බෝධිරාජ මාවතේ සිව්මහල් ගොඩනැගිල්ලක් වටකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී පිස්තෝල 02ක්, වායු රයිෆලයක්, කඩු 06ක් සහ කොකේන් ග‍්‍රෑම් 94ක්, මුදල් ගණන් කරන මැෂින් 02ක් සහ රුපියල් ලක්‍ෂ 02ක පමණ මුදලක් ද හමුවී තිබෙනවා.

මෙම සැකකරුවන් පැමිණි බවට සැකකරන සුඛෝපභෝගී ජීප් රථයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 02ක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර පාතාල නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තා මේ වනවිට මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටිනවා.

පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සුඛෝපභෝගී ජීප් රථයක් පලාගොස් ඇති අතර එහි ගමන්ගත් පිරිස ගිනිඅවි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් හා පලාගිය ජීප් රථය කොටුකර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here