ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රිය අනතුරක් සම්බන්ධයෙන්.
පොලිසිය පැවසුවේ අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාලකාරියන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේ දී අද පස්වරු 2.45 ට පමණ ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථයට යතුරුපැදියක් ගැටී තිබෙනවා.
ලාල් කාන්ත මහතා බීමතින් රිය පදවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ.