මෙම වසරේ ගතවූ දින 58ක කාලය තුළදී (ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 27 වනදා දක්වා) දිවයිනෙන් ඩෙංගු රෝගීන් 8666දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මෙම රෝගීන්ගෙන් 5454 දෙනෙකු ජනවාරි මාසයේදීත් 3212 දෙනෙකු පෙබරවාරි මාසයේදීත් වාර්තා වී ඇති අතර බහුතර ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් එනම් රෝගීන් 1978 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 1077 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1349 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මෙම දිනවල වැසි සහිත කාලගුණයක් ඇති වන ලකුණු පැවැතීම නිසා ඩෙංගු මදුරුවන් බෝ නොවන අයුරින් තම නිවස හා ගෙවත්ත ශුද්ධ පවිත්‍රව තබා ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලීම් කර සිටිනවා.
ඒමන්ති මාරඹේ