විවිධ පාර්ශවයන්ගෙන් මුදල් සහ වරප්‍රසාද ලබාගනිමින් තමන් වෙත චෝදනා කරන වදුරු පණික්කියන්ගේ ප්රකාශයන්ට බිය නොවන බවත්, අවසානය දක්වාම දූෂිත දේශපාලන බලවේගයන්ට එරෙහිව සටන් වදින බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටිනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීයි.
පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් අමාත්‍ය චම්පික රණවක පුද්ගලික සමාගමක මුදලින් සිය නිල නිවස අලුත්වැඩියා කරගත් බවට එල්ල කල චෝදනාව පිළිබඳ මාධ්‍යවේදීන් විසින් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
විදුලිබල විෂය විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන විශයක් බැවින් දූෂණ වංචා සුලභ බව පැවසූ අමාත්‍යවරයා ඔහු එම අමාත්‍යංශය පාලනය කල අවධියේදී එම දූෂණ වංචා අවම කිරීමට පියවර ගත් බවත් විදුලිබල මණ්ඩලය ලාභ ලබන තැනට පත් කල බවත් වැඩිදුරටත් අදහස් පළකරමින් ප්‍රකාශ කළා.