Home Local මාතලේ අක්කර 98ක ඉඩමේ සංවර්ධනයට ප්‍රාදේශිය ලේකම්ගෙන් තහනමක් – PHOTOS

මාතලේ අක්කර 98ක ඉඩමේ සංවර්ධනයට ප්‍රාදේශිය ලේකම්ගෙන් තහනමක් – PHOTOS

380
0

පුද්ගලයෙකු විසින් රාජ්‍ය බැංකුවකින් ලබාගන්නා ලද මාතලේ – ඕපල්ගල රක්ෂිත ප්‍රදේශයට අයත් අක්කර 98ක සින්නක්කර ඉඩමේ සියළු ඉදිකිරිම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට නාඋල ප්‍රාදේශිය ලේකම් පියවර ගෙන තිබෙනවා.

රජයට අයත් රක්ෂිත ප්‍රදේශයක පිහිටි අදාල ඉඩමේ මැණුම් කටයුතු සිදුකිරිමෙන් අනතුරැව සිමා මායිම් හදුනාගැනිමකට ලක්කිරිමේ අරමුණිනුයි නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

රාජ්‍ය බැංකුවකින් මිලට ගෙන ඇති මෙම භූමියේ සීමා මායිම් වලට පරිබාහිරින් අක්කර 200 ගනනක් බුක්ති විදිමට ලක්කර ඇති බවට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව තහවුරු වි ඇති බව අප කළ විමසීමක දි ප්‍රාදේශිය ලේකම්වරිය කියා ඊයේ (28) සිටියා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ප්‍රශ්නගත භූමි ප්‍රදේශයේ වන විනාශයක් සිදුකරමින් පවතින බවට ප්‍රදේශවාසින් මෙන්ම පරිසර සංවිධාන වලින්ද තමන්ට පැමිණිළි ලැබී ඇති බවයි.

මෙම කරැණු සැලකිල්ලට ගනිමින් අදාල ඉඩම භුක්ති විදිම තාවකාලිකව තහනමට ලක්කරමින් ආදාල පාර්ශවයන්ට ලිඛිතව දන්වා යැවු බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here