උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පවත්වනු ලබන දෙවැනි වටයේ සාකච්ඡාව සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වියට්නාමය වෙත ළඟා වී තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් යානයෙන් හැනෝයි නුවර නොයි බායි ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් දුම්රියෙන් වියට්නාමය වෙත පැමිණ පසුව මෝටර් රථයෙන් හැනෝයි නුවර වෙත ළඟා වී තිබෙනවා.
සිංගප්පූරුවේදී පැවති ප්‍රථම ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර සිදුවන මෙම දෙවැනි වටයේ සාකච්ඡාව අද (27) සහ හෙට (28) පවත්වනු ඇති.
කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් මේ වනවිට ලබා ඇති ප්‍රගතිය ගැන නායක දෙපළ මෙහිදී සාකච්ඡා කරනු ඇති බව කියැවෙයි.