කෙරවලපිටිය ඉදිරිකිරිමට යෝජිත මෙගාවොට් 300ක අනාදෝලනාත්මක ස්වාභාවිත වායු විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගාමකට ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ඇති බව වාර්තා වනවා.
එම කමිටුවට ඇමැතිවරයන්ට අමතරව, අමාත්‍යංශ ලේකම්වරු කිහිපදෙනෙකු ද පත් කිරිමට ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කමිටුවට රවී කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද මුදල් විදුබල හා බලශක්ති ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම්වරු ද පත්කරනු ලැබ සිටියි.
අදාළ විදුලි බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇත්තේ.
එම කමිටුව ඒ පිළිබඳව විමර්ශනය කර කැබිනට් මණ්ඩලය වෙත කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතයි.
LNG බලාගාරය ඉදිකිරිමේ ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය මීට සති 02කට පමණ ඉහතදී තීරණය කර තිබුණා.