සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (26) දින HND සිසුන් කොළඹදී විරෝධතාවයක නිරත වුණා.
HND සිසුන්ගේ මහපොළ වාරිකය 5000ක් කිරීම හා විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම ඇතුළු ගැටළු කීපයක් මූලික කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවය පැවැත්වූයේ.
එම විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් පොලිස් කාන්තාවන් යොදවා තිබීම සුවිශේෂී සිදුවීමක් වනවා.
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් එල්ල කළ අතර උද්ඝෝෂණය පාලනය කිරීමට පැමිණි පොලිස් කාන්තාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් කතාබහට ලක්වනවා.