රට පුරා ගොස් පානීය ජල තත්වය පරීක්ෂණය කිරීමට පහසුවන සේ සියලු උපකරණ හා සේවාවන් අඩංගු ජංගම රසායනාගාරයක් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානය කර තිබෙනවා.
රුපියල් මිලියන 25ක් වටිනා ජංගම රථය ශ්‍රී ලංකාවේ සිටින ලෝක බැංකුවේ ජල හා සනීපාරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක වන ප්‍රදීපා මිස්ට්‍රි විසින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් වෙත ප්රදානය කර ඇත්තේ.
මෙම ජංගම රසායනාගාරයේ වාර්තා අන්තර්ජාලය හරහා ලබාදීමට හැකිවන අතර අනතුරු සිදුවන ස්ථානයක සිට ක්‍රියාකිරීමට අවශ්‍ය පහසුකම් වලින්ද යුක්තයි.




