රත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටියා.
වෑන් රථයෙන් පැහැරගෙන ගොස් පසුව මෙම පුද්ගලයන් දෙදෙනා මියගිය පසු කැබ් රථයෙන් ගෙන ගොස් දමා ඇතැයි සඳහන්.
අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බවත්, ඔහු භාරයේ තිබී කැබ් රථය සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
එම කැබ් රථය පිළිබඳ රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමට ද නියමිතව තිබෙනවා.
තරුණයන් දෙදෙනා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් හිතවත්කමක් මත මෙම කැබ් රථය ඉල්ලා ගෙන ඇති බවටයි තහවුරු වී ඇත්තේ.