වවුනියාව, ඉරට්ටපෙරියකුලම, ගල්කන්ද ප්රදේශයේ බලපත් රහිතව පවත්වාගෙන ගිය පස් කැපීමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (25) වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බලපත් නොමැතිව පස් කැපීමේ නිරතවු සැකකරුවන් දෙදෙනෙකු, ටිපර් රථයක් හා පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්රයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වවුනියාව, ඉරට්ටපෙරියකුලම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 32ක් වන සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.







මාධව කුලසූරිය