Home Local දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසුරුවයි

දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසුරුවයි

327
0

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසුරුවා හැර එහි රාජකාරී කළ සියලූ නිලධාරීන් දකුණු පළාතෙන් පිටත වෙනත් පොලිසි වලට මාරු කර යවා ඇතැයි වාර්තා වනවා.

මෙම ඒකකය විසුරුවා හරිනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් මුලස්ථානය විසින්.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන යටතේ මෙම විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර තිබූ අතර එහි ස්ථානාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් රෝහණයි.

මේ වන විට මෙම ඒකකය මගින් මීට පෙර සිදුකළ විමර්ශන සම්බන්ධයෙන්ද සොයා බලාගෙන යන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here