කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්රීවරියකද සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඊයේ (25) සඳහන් කර තිබෙනවා.
ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කර සිටියා.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු රට හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියා.
තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙකලා රට හමුවේ විශාල ප්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටුකිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදුකරන බව කී හෙතෙම එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවද සඳහන් කර සිටියා.
තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිත කරමින් ඉන් ගැලවීමට ප්රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියා.
උපුටාගැනීම – දිවයින (සිරිමන්ත රත්නසේකර)