කඩුවෙල සිට බියගම දක්වා මාර්ගයේ ගමනාගමනය අද (26) සිට මාර්තු 02 වනදා දක්වා සීමා කිරීමට සිදුවනු ඇති බව පොලීසිය පවසනවා.
කඩුවෙල පාලමේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි රථවාහන ගමනාගමනය සීමා කර ඇත්තේ.
ඒ අනුව පෙබරවාරි 26 වන දින සිට මාර්තු 02 වනදා දක්වා සෑම දිනකම රාත්රී 10 සිට අළුයම 05 දක්වා මාර්ගය වසා තබනු ඇති.
මේ සඳහා විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිත කළ හැකි බවයි පොලීසිය දැනුම් දෙන්නේ.