Home World ඉරාන විදෙස් අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉරාන විදෙස් අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

214
0

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සාරිෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ හදිසි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමිනුයි.

සිය ධුර කාලය තුල සිදුවූ අතපසුවීම් වලට සමාව අයද සිටින බව පවසන ඔහු ඉරාන ජනතාවට සහ බලධාරීන්ට ස්තූතිය පළකර තිබෙනවා.

එමෙන්ම ධුරයෙන් ඉවත්වීමේ හේතුවක් සම්බන්ධයෙන් ඔහු සඳහන් කර නැහැ.

59 හැවිරිදි අමාත්‍යවරයා මීට පෙර එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු විදේශ අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ, 2013 වසරේ සිටයි.

අමාත්‍යවරයා 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සාර්ථකකර ගැනීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යක් ඉටු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here