ඉන්දියානු ගුවන් හමුදා විසින් අද (26) දින පකිස්තාන දේශසීමා ආශ්රිත ප්‍රදේශයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය ගුවන් හමුදාව විසින් ජෙට් යානා උපයෝගී කරගනිමින් කිලෝ 1000කට අධික ලේසර් මගින් පාලනය වන බෝම්බ කාශ්මීරයේ බැලකොට් වෙත එල්ලකර ඇති අතර පසුගිය 14 වනදා ඉන්දියානු හමුදාවන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ගත් Jaish e- mohammed නම් ත්‍රස්තවාදී කණ්ඩායමේ මූලස්ථානය සහ පුහුණු මධ්‍යස්ථානය එමඟින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම ප්රහාරයන් මඟින් ත්රස්තවාදීන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බව සඳහන්.