Home Hit අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස් සොයාගනියි – PHOTOS

අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ තවත් අස්ථි කොටස් සොයාගනියි – PHOTOS

353
0

රත්ගම, බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන තවත් අස්ථි කොටස් කිහිපයක් වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයෙන් සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ අද (26) එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වනදා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලදී හෙලිවී තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල, මැදගම්ගොඩ සිට පිස්සුබැද්ද දක්වා වැටී ඇති මාර්ගයේ හැවැන්දෙණිය රක්ෂිතයේ තුන්මෝදර ඇළ මාර්ගයේ අතුරු ඇළ මාර්ගයක තිබී පිළිස්සුනු අස්ථි කොටස්, මාංශ කොටස් කිහිපයක් සහ දත් කොටස් කිහිපයක් ඉකුත් (22) වනදා සොයාගනු ලැබුවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ යැයි සැකකරන දිගින් සෙන්ටිමීටර 01ත් 04ත් අතර ප්‍රමාණ වලින් යුතු අස්ථි කොටස් කිහිපයක් යළි සොයාගෙන තිබුණා.

ඉකුත්දා සොයාගත් පිළිස්සුනු අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සිට මීටර 04ක් පමණ දුරිකිනුයි මෙම අස්ථි කොටස් කිහිපය තිබී සොයාගෙන ඇත්තේ.

ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය තුන්මෝදර ඇළ මාර්ගයේ දමා පුළුස්සා ඇතැයි පොලිස් නිලධාරීන් සැකපළ කරනවා.

සබැඳි පුවත් – රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඥාතීන් විපක්ෂ නායක හමුවෙයි – PHOTOS  

රත්ගම ව්‍යාපාරිකයින්‌‌‌ගේ සිරුරු ගෙන ගිය කැබ් රථය අත්අඩංගුවට 

පොලීසියට විරෝධය දක්වමින් රත්ගම රත්කළ විරෝධතාවය – PHOTOS

රත්ගම අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පිළිස්සුනු සිරුරු කොටස් සොයාගනියි – PHOTOS

රත්ගම දෙදෙනකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රත්ගම ව්‍යාපාරිකයන් පහර දී මරා දමයි – සී.අයි. ඩී. විමර්ශනවලින් හෙළි කරගනියි 

රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගනියි

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here