අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම් පත් භාර ගැනීම අදින් (25) අවසන් වනවා.
පුද්ගලික අයදුම්පත් භාර ගැනිම අවසන් වන්නේ මාර්තු 01 වනදායි.
මෙම දිනයන් නැවත දීර්ඝ කිරිමක් සිදුනොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර සිටියේ.
මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට හැදුනුම්පත් නිකුත් කිරිම කල්වේලා ඇතිව සිදුකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.
ඒ අනුව මාර්තු 31 වනදාට පෙර ඒ සඳහා වන අයදුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.