උඩරට දුම්රිය මාර්ගයේ ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර ඉලුක් සහිත ඉඩමක ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පවසනවා.
අද (25) දහවල් 12ට පමණ වටවල වතුයායට අයත් ඉලුක් සහිත ඉඩමේ මෙම ගින්න හටගෙන තිබෙනවා.
වටවල ප්රදේශයට පවතින අධික වියළි කාලගුණ තත්ත්වට හමුවේ කිසියම් පිරිසක් ඉලුක් සහිත මෙම ඉඩමට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
කදුමුණුනේ පිහිටි ෆයිනස් වගා රක්ෂිතයට පැතිර යමින් පවතින ගින්න මැඩ පැවැත්විමට කටයුතු කර ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා.
ගින්න හටගෙන ඇති ඉඩමේ ජල මුලාශ ගණනාවක් ඇති බවත්, එම ඉඩමේ කදුකරයට ආවේනික වු සිව්පාවන් වෙසෙන බවයි පොලිසිය කියා සිටියේ.


