Home Local ලංකාවට යුද අපරාධ චෝදනා එල්ලවන මෙවර ජිනීවා සමුළුව අද ඇරඹෙයි

ලංකාවට යුද අපරාධ චෝදනා එල්ලවන මෙවර ජිනීවා සමුළුව අද ඇරඹෙයි

334

ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59කට යුද අපරාධ චෝදනා එල්ලවන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද (25) ආරම්භ වනවා.

මෙහිදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා 02ක් ද රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් වාර්තා 10ක් ද ඉදිරිපත් කෙරෙනු ඇති.

මෙවර බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් 05ක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් ජීනීවා යෝජනාවක්ද සමුළුව වෙත යොමු කෙරෙනු ඇති.

මෙහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න රැසක් සාකච්ජා කිරීමට නියමිත අතර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදාවේ ඉහළ පුටුවක් ලබාදීමේ ප‍්‍රශ්නය ඇතුළු ශ‍්‍රී ලංකාව ඉටු නොකළ කරුණු රැසක් ගැනද අවධානය යොමුකෙරෙනු ඇති.

මේ අතර මානව හිමිකම් කොමිසාරිස් මිචලි බැචලට් ශ‍්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී ඇති බව ප‍්‍රකාශ කර ඇති අතර මෙවර සමුළුවට කොටි ක‍්‍රියාකාරීන් 40ක් දැනටමත් ජිනීවා වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here