Home Hit මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා අත්අඩංගුවට – PHOTOS

මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා අත්අඩංගුවට – PHOTOS

1468

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරටක ලක්කර පළායෑමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා වන රනිෂ්ක අලුත්ගමගේගෙන් බම්බලපිටිය පොලීසිය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිස අතර ව්‍යාපාරිකයෙක් වන ධම්මික ආටිගලගේ පුතා වන සුදම්මික ආටිගල ද වන අතර ඔහු කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ද වනවා.

සිදුවීමට අදාළව ඩිෆෙන්ඩර් රථය හා ප්‍රාඩෝ රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු අවුරුදු 27ක් වන විසිත ශ්‍රී විජේසේකර, එය පැදවූ අවුරුදු 27ක් වන නවිඳු ඔමේෂ් රත්නායක, ප්‍රාඩෝ රථයේ හිමිකරු අවුරුදු 28ක් වන සුදම්මික ආටිගල එම රථයේ ගමන් කළ අවුරුදු 23ක් වන කිරන් මැතිව් දනිස් යන පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Image may contain: 1 person, smiling, sky, sunglasses, shorts, mountain, outdoor, water and nature
Image may contain: 2 people, people smiling
Image may contain: 3 people, people smiling
Image may contain: 2 people
No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here