ශාන්ත පීතර විද්‍යාලයේ සහ ලෝක රග්බි සංසදයේ අනුමතිය ඇතිව පත්කළ පුහුණුකරු සනත් මාටිස් එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකුට පහරදෙන සිද්ධිය වීඩියෝ කර ඇත්තේ MTV නාලිකාවේ සේවය කළ කැමරා ශිල්පියෙකු බව හෙළිවී තිබෙනවා.
මෙම පහරදීමෙන් අනතුරුව මාටිස් ක්‍රීඩාවේ සියලු ඉසව් වල තහනමට ලක්වී තිබෙනවා.
ඒ අනුව තැනම බලපැවැත්වෙන්නේ ශ්‍රී ලංකා රග්බි සංසදය විසින් විමර්ශනයක් පවත්වා තීරණයක් ලබාදෙන තෙක් පමණයි.
සිද්ධිය සම්බන්ධයෙන් අද (25) දිනයේ නීතිඥ අනුර ජයසේකර යටතේයි මෙම විමර්ශනය පවත්වනු ලබන්නේ.
ශාන්ත පීතර විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයන් අතර පැවති සුහද රග්බි තරගාවලිය අතරතුරයි මෙම පහරදීම සිදුවන්නේ.
එම සිදුවීම වීඩියෝ කළේ කවුද යන්න ගැටලුවක් වී තිබෙනවා.
වාර්තාවන පරිදි මෙම තරඟාවලියේ මාධ්‍ය ආවරණ කටයුතු Nagasena Sports & Entertainment ආයතනයට භාර දී ඇති අතර එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ද සනත් මාටිස් පුහුණුකරුයි.
එම ආයතනයේ භාරකරු වන නාගසේන මීට පෙර MTV ආයතනයේ කැමරාකරුවකු ලෙස කටයුතු කර ඇති නමුත් මේ වන විට ඔහු තමන්ගේම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබනවා.