ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් පසුගියදා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත්‍රයක් පිළිගන්වනු ලැබුවා.
එම චිත්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී Ranilo Abayan විසින් වන අතර පසුගියදා සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණියා.
එම සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඔහු හමුවීමට ජනාධිපතිවරයා ඊයේ (24) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියා.
මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.
මෙම අවස්ථාවට පිලිපීන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියා.