මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (23) රාත්‍රි සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර එය සොයාගත් බවයි.
එම ඩිෆෙන්ඩර් රථයේ බලපත්‍ර ව්‍යාජ ඒවා බව දැනට සිදුකළ විමර්ශන වලින් අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කර සිටිනවා.
ඊට අමතරව එහි තිබි තවත් අංක තහඩුවක් සොයාගෙන තිබෙනවා.
ඩිෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ අංක තහඩුව තමන්ට හිමි මෝටර් රථයේ අංක තහඩුවක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනු ඇති.