මස්කෙළියේ පිහිටි සප්ත කන්‍ය කඳුවැටිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
හැටන් – මස්කෙළිය හරහා ශ්‍රී පාද මාර්ගයේ ගමන් කරන විට හමුවන මෙම කඳුවැටිය ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූවකි.
කන්‍යාවියන් සත්දෙනෙකුන් නැගී සිටින ලෙස දර්ශනය වන ශිකර 07ක් හේතුවෙන් මෙම කඳු වැටිය ”සප්ත කන්”යා යන නමින් හඳුන්වනු ලබනවා.
සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙස් විදෙස් සංචාරකයින්ට මෙම සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා කියා සිටිනවා.