ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්රහණයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය.
ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තමන් සතු කර ගැනීමට හැකි වුණේ, දකුණු අප්රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමත් සමග ය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 84 ක් රැස් කළ අතර සිය ටෙස්ට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ ඕෂධ ප්රනාන්දු නොදැවී ලකුණු 75ක් රැස් කළේ ය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම දකුණු අප්රිකාව සමග පැවැති ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගත්තේ ය.