ලබන මස 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයෙන් රාජ්ය සේවකයින්ගේ වැටුප් වර්ධකයත් සමඟ බදු ඉහළ දැමීම් ගණනාවක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා.
රජයේ සහන වැඩපිළිවෙළ යටතේ රාජ්ය සේවකයන්ට, විශ්රාමිකයන්ට හා සමෘද්ධිලාභීන්ට පුළුල් සහන හිමිවනු ඇතැයි සඳහන්.
එසේම ගොවීන්ට නොමිලේ පොහොර සැපයීමේ යෝජනාවක් ද එම අයවැයට ඇතුලත්.
රජයේ ආදායම් උත්පාදන වැඩසටහන වෙනුවෙන් ප්රධාන පෙළේ බදු 03ක ප්රතිශත ඉහළ දැමෙනු ඇති බවයි සඳහන් වන්නේ.
එමගින් බොහෝ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමක් අපේක්ෂා කළහැකි යැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.