කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ගාල් කර තිබු ලොරි රථයක පිටුපස ගැටි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පොලිසිය පවසනවා.
අද (23) අලුයම 04ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් – නුවරඑලිය ප්රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්රදේශයේදියි.
අංගොඩ සිට නුවරඑලිය දක්වා භාණ්ඩ ප්රවහනය කරන ලොරි රථයක රියදුරා විවේක ගැනිම සදහා ලොරි රථය ප්රධාන මාර්ගයේ පසක ගාල්කර තිබියදි අධික වේගයෙන් පැමිණි මොටර් රථය ලොරි රථයේ පිටුපස ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ.
අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබෙනවා.



රංජිත් රාජපක්ෂ